Tributes : මහාචාර්ය සමන්ත හේරත්
මහාචාර්ය සමන්ත හේරත්
ගායනවේදයෙහි ලා ඔහු පාන පෙළහර ජන්ම දායාදයක් විනා අන් කුමක්ද? ඔහුගේ කටහඩ අති දුර්ලබ ගණයේ එකකි. එය මධුරය, චාරුතරය. සැබවින්ම එය කර්ණාමෘත නාදාමන්ත්‍රණයකි. එය අනුකරණය කළ නොහැකි හඬකි.ඔහුගේ ස්වරයන් ගායන ලීලයන් ඔහුටම සුවිශේෂී වූ ස්ව ලක්ෂනාත්මක අනන්‍යතාවක් නිසැකව දක්වා සිටි. මන්ද්‍ර මධ්‍ය තාර ආදී සප්තක අභේදීව ආශ්‍රය කරමින් ඔහු රසික හදවත් මණ්ඩලය කම්පනය කොට තමා වෙතට අවනත කර ගනී.ඉන් ඉක්බිතිව රසිකයා පිවිසෙන්නේ ඔහු විසින් දක්වන ලද අනන්තානන්දය උතුරා යන අභිනව ඉසව්වකටය. මේ මෝහනීය ගුණය වික්ටර් රත්නායක ගායකයෙකු ලෙස පුරා සයසාලිස් වසක් නොනැසෙන ආදරයකින් මෙරට රසික ජනයා වෙත ඇඳ බැඳ තැබූ සාධකයයි.