සරස - කොළඹ
16th, September 2018දින හතරකට පෙර ප්රවේශපත්ර අවසන්වු, කොළඹ නෙලුම්පොකුණ ශාලාවේ පවති සරස ප්රසංගය.
මෙරට ප්රසංග කලා ඉතිහාසයේ වාර්තාගත ඒකපුද්ගල ප්රසංගය වූ "ස" මංගල ගැයුම 1973 ලුම්බිණි රඟහලේදී ඇරඹුනේ සියළුම ප්රවේශ පත්ර අවසන් වීම නිසා බලාපොරොත්තු සුන් වූ රසිකයින් අතින් ශාලාවේ දොරජනෙල් වලටද හානි සිදු කරමිනි.
ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ දෙවන ඒක පුද්ගල ප්රසංගය වන "සරස" ගී අමානන්දය පසුගිය 16වනදා නෙළුම්පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනේ, මෙතෙක් නෙළුම්පොකුණ රඟහලේ පැවැත්වුනු ඒක පුද්ගල ප්රසංගයක කිසිදා සිදු නොවූ විරූ ලෙස, දින හතරකට පෙර සියළුම ප්රවේශ පත්ර අලෙවි වූ එකම ඒක පුද්ගල ප්රසංගය ලෙස ඉතිහාසයට එක් වෙමිනි.